"..අම්මියි තාත්තියි වෙන් වුන එක හොදයි.." ජනප්‍රිය කලාකරුවන් දෙපලගේ දියණිය හෙළිකරන කතාව..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress Sri Lankan Actor
By Sewvandhi Oct 15, 2022 05:00 PM GMT
Report

අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත කෙනෙක් තමයි චන්න පෙරේරා කියන්නේ. කොයි තරම් කාලයක් ගියත් ඒ තරුණකම කිසිම අඩුවක් නැතුව රදා පවත්වාගෙන ඉන්න කෙනෙක් තමයි ඔහු. ජනප්‍රිය නලුවා සම්මානය තෙවරක්ම ලබා ගන්න සමත්කම් දක්වපු කෙනෙක් තමයි මේ ආදරණීය කලා කරුවා.

ඉතින් සිනමාව තුළ විවිධ චරිත හරහා අපි අතරට ආපු චන්න පෙරේරා විවාහ වී සිටියේ සුරූපි රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් සමගිනුයි. මේ වන විට ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙලා ඉන්නේ. ඉතින් මේ දෙන්නගේ දියණියන් දෙදෙනාගෙන් ලොකු දුව පසුගිය දිනකදී සහභාගි වුණු රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මියි තාත්තියි එකට ඉන්නකොට සතුටින් නෙමෙයි හිටියේ. ඒක මම හොදටම දැක්කා. ඉතින් ඒ දෙන්නා දැන් වෙන් වෙලා ඉන්න එක ගැන මම සතුටු වෙනවා. මොකද දැන් දෙන්නම සතුටින් ඉන්නේ. මට ඕන ඒ දෙන්නම සතුටින් ඉන්නවා බලන්න. දෙන්නා වෙන් වෙලා කියලා අපේ වැඩකදි කිසිම වෙලාවක අපිට අඩුවක් කරන්නෙ නෑ. තාත්ති වෙන කෙනෙක් ගැන හිතනවනම් මම ඒකට සපෝර්ට් කරනවා. මට ඕන කොහොමහරි ඒ දෙන්නා සතුටින් ඉන්නවා දකින්න.’’

ඉතින් මේ විදියටයි මලීෂා අදහස් දක්වලා තිබුණේ. ඇය කලා ක්ශේෂ්ත්‍රය තුළ නියැලිලා ඉන්න කැමති නැහැ නමුත් තාත්තිගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් මලීෂා කියලා තිබුණා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGallery