පවිත්‍රාගේ වියෝව දරාගන්න බැරි දුකට ජනප්‍රිය නළුවෙක් සියදිවි නසාගෙන..(PHOTOS)
පසුගිය දා සිදු වු රිය අනතුරකින් පවිත්‍රා ජයරාම් ජීවිතක්ෂයට පත් විය.
එම සිදුවීමත් සමඟ දැඩි සේ කම්පාවට පත්ව සිටි තෙළිඟු රූපවාහිනී නළු චන්ද්‍රකාන්ත් තෙලන්ගානා ප්‍රාන්තයේ අල්කාපූර්හි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ සම නිළිය සහ ආදරණීය මිතුරිය වූ පවිත්‍රා ජයරාම්ගේ මිය යෑම සමඟ ඔහු දැඩි සේ කම්පාවට පත්ව සිටි බවයි.
එම හේතුවෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා පෙම්වතුන් වූ අතර පවිත්‍රා ජයරාම්ගේ රිය අනතුර සිදුවූයේ බස් රථයක් ඇගේ මෝටර් රථයේ ගැටීමෙන් එය පාලනය කරගත නොහැකි වීමෙන් ය.
හයිද්‍රාබාද් සිට වනපර්ති දක්වා ධාවනය වූ බස් රථය ඇගේ වාහනයේ දකුණු පැත්තේ ගැටී බරපතල තුවාල ලැබූ පවිත්‍රා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.
පවිත්‍රා සමඟ වාහනයේ ගමන් ගත් ඇයගේ ඥාති සොහොයුරියක් වන අපේක්ෂා, රියදුරු ශ්‍රීකාන්ත් බරපතල තුවාල ලැබීය.
මෙම අනතුර සිදුව ඇත්තේ ඇය කර්නාටක ප්‍රාන්තයේ මන්ඩියා දිස්ත්‍රික්කයේ හණකෙරේ වෙත ආපසු යමින් සිටිය දී ය.
චන්ද්‍රකාන්ත්ගේ පියා පොලිසියට කළ ප්‍රකාශයට අනුව සඳහන් වූයේ, ඔහු පවිත්‍රාගේ මරණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි.
චන්ද්‍රකාන්ත් නොහොත් චන්දු, සුප්‍රසිද්ධ රූපවාහිනී නළුවෙකු වූ අතර පවිත්‍රා ජයරාම් තෙළිඟු සහ කන්නඩ කර්මාන්ත දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනියක විය.
කෙසේ වෙතත්, චන්ද්‍රකාන්ත් පවිත්‍රාගේ වියෝව ගැන සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ මෙවැන්නකී,
''ඔබ මාව තනි කළ බව මට දරාගත නොහැක. කරුණාකර නැවත වරක් මා වෙනුවෙන් කතා කරන්න..මගේ පවී දැන් නෑ... කරුණාකරලා ආපහු එන්න.'' යනුවෙනී.