චන්දිමාල්ගේ විකට්ටුවක් නිසා වාර්තා පොත් අතරට ගිය "ටීම්" .
Sri Lanka Cricket
New Zealand Cricket Team
By Wayomi
සති 1 කට පෙර
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ව දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් වුණා.
චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමඟ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් වී තිබෙනවා.
එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706ක් වන අතර එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි.
ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |