චමුදිතගේ ආරක්ෂාව වහාම තහවුරු කරන්න..එක්සත් මානව හිමිකම් සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක්..
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ආරකෂාව පිළිබඳව තවදුරටත් නිසි අවධානය යොමුවිය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
එම නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ , රටේ ඕනෑම දේශපාලන නායකයෙක්ගේ ප්‍රකාශ හෝ ක්‍රියාවන් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට, සංවාදයෙහි යෙදෙමින් වැඩසටහන් පැවැත්වීමට සහ විශේෂයෙන්ම පුරවැසියන් දැනුවත් කිරීමට මාධ්‍යවේදියෙකු සතු අයිතය යුතුකම් මෙන්ම හැකියාව අපි අගය කරනා අතර, එම අයිතීන් උල්ලංගනය කිරීමට යම් පුද්ගලයෙක් හෝ යම් දේශපාලන නායකයෙක් දරන උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු යන්නයි.
තවද එමගින් දන්වා ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවාස සංකීර්ණය ආසන්නයේ පසුගියදා යම් නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සැරිසැරීමේ සිද්ධියත්, මීට වසර 02කට පමණ පෙර චමුදිතගේ නිවසට නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් ප්‍රහාරයක් සිදු කිරීමත් යන කාරනා පිළිබඳව තවමත් නිවැරදි සොයාබැලීමක් සිදු කර නොමැති බවයි.
තවද රටේ පවතින සැඟවුණ වංචා දූෂණ අකටයුතුකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට චමුදිත සමරවික්‍රම මහතා කටයුතු කරන ක්‍රියාදාමය, එම සංවිධානය විසින් පැසසුමට ලක්කරයි.
ඉතා ආන්දෝලනාත්මක තොරතුරු හෙළිකරන වැඩසටහන් වල නියමුවා වශයෙන් චමුදිත කටයුතු කරන බැවින් ඔහුගේ ජීවිතයට කිසියම් තර්ජනයක් ඇති වීමට තිබෙන ඉඩකඩ අහුරමින්, ඔහුට නිසි ආරක්ෂාව ලබාදීමට වහාම කටයුතු කළයුතු බවත් ඒසඳහා පොලිස්පතිවරයා ඇතුලු වගකිවයුතු නිලධාරීන් ක්‍රියා කරන්නේයැයි තමන් විශ්වාස කරන බව එක්සත් මානව හිමිකම් සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ?