පේරාදෙණිය ශික්ෂණ රෝහලේ එන්නත් කාණ්ඩයක් භාවිතයෙන් ඉවත් කරයි..

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 15, 2023 01:59 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය තරුණියට ලබාදුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.

 21 හැවිරිදි චමෝදි සංදීපනී මධුෂිකා ජයරත්න තරුණිය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ අතර ඊට අදාළ පරීක්ෂණ වාර්තාව සතියක් හෝ සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පත්කරන ලද පංච පුද්ගල කමිටුව අද (15) එම රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය මෙම කමිටුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.

පසුගිය 11 වනදා මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

එහිදී ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටියේ රෝහලට ඇතුළත් කරන විට කිසිදු අසාධ්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ ආදාළ තරුණිය එන්නත් ලබාදීමෙන් පසු එකවරම අසාධ්‍ය තත්ත්වයට පත්වී ජීවිතයට සමුදුන් බවය.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ තරුණියගේ මියයාම ඖෂධයක් නිසා සිදුවූ බවට සැක නොකරන අතර අසාත්මිකතාවයක් ඇය මියයෑමට හේතුවන්නට ඇතැයි සැක කරන බවය.