හැමෝම කතාවෙන මෙවර පාරිලිමේන්තුවට එන කාන්තාවෝ.
මෙවර පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් තේරි පත්වුණා.
ඒ අතරින් සුවිශේෂි ලෙස කාන්තාවන් කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කීරීමට හැකිවුණා. ඒ අතරින් මුළු ගණන 21 ක්.
ඉන් දෙදෙනෙකු සමගි ජන බලවේගය නියෝජනය කරනවා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හරිනි අමරසූරිය , හසාරා ලියනගේ පාර්ලිමේන්තුවට තේරිපත්වුණා.
කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය ජාතික ජනබලවේගයෙන් තේරි පත්වුණා.
මහනුවරින් චමින්ද්‍රාණි කිරිඇල්ල සමගි ජන බලවේගයෙන් තේරිපත්වුණා.
නීතිඥ අනුශ්කා තිලකරත්න මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් තේරී පත්වුණා.
සාගරිකා අතාවුද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වුණා.
දෙමළ වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් අම්බිකා සැමුවෙල් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් තේරි පත්වුණා.
දීප්ති වාසලගේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සහ රෝහිණි කවිරත්න සමගි ජන බලවේගය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරි පත්වුණා
චතුරි ගංගානි මොණරාගල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින්තේරී පත්වුණා.
පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිරුණි විජේසිංහ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරි පත් වුණා.