ඉන්දීය පුහුණුකරුවන් අභිබවා දිල්ලි බලකොටුවට ගිය චමින්ද වාස්

Sri Lanka Cricket India Latest Headlines Sinhala news IPL 2026
By R.rishma Sep 13, 2026 07:57 AM GMT
Report

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කර ගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, එළඹෙන 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී චමින්ද වාස් එම තනතුරේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා දිල්ලි කැපිටල්ස් කළමනාකාරීත්වය මීට පෙර ඉන්දීය හිටපු පන්දු යවන්නන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා තිබුණද, එම සාකච්ඡා සාර්ථක වී නොමැති බව සඳහන්.

ඒ අනුව, ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ වමත් වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් සිය පුහුණු කණ්ඩායමට එක්කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවමත් සිය ප්‍රධාන පුහුණුකරු පත් කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.