ක්‍රිකට් රසිකාවියකගෙන් චාමිකට හමුවුණු අපූරූ තෑග්ග. බලන්නකෝ එයාගේ සතුට (PHOTOS)
චාමික කරුණාරත්න කියන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑතකදි කතාබහට ලක්වුණු සුවිශේෂි ක්‍රීඩකයෙක්. ඔහු මෑතකදි මෙලෙස කතා බහට ලක්වුණේ පසුගිය ක්‍රිකට් තරගාවලි කිහිපයකදීම සුවිශේෂි දස්කම් දැක්වූ නිසා.
කෙසේවෙතත් අන්තිම තරගාවලි කිහිපයකදි නම් චාමිකව දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකිවුණේ නම් නැහැ. කොහොමවුණත් දැන් නැවතත් ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරග තුළින් චාමිකව කතා බහට ලක්වෙලා තියෙනවා.
පසුගියදා ඔහු දක්ෂ ලෙස දවා ගත් උඩ පන්දුවක් දැවීයාමක් ලෙස සටහන් නොවීමත් සමග ඔහු ගැන විශාල ලෙස කතා බහට ලක්වුණා එමෙන්ම පසුගියදා එම තරගය අවසානයේ වනිදු හසරංග ඔහුට අතට අත නොදීමත් සමග ඒ පිළිබදවත් කතාබහට ලක්වුණා.
කොහොම වුණත් චාමික ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ක්‍රීඩකයෙක් බව අද තවත් තහවුරු වුණා.
ඒ චාමිකට ප්‍රේක්ෂකයෙක් ලංකා ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුර දුන් ත්‍යාගයක් නිසා ඔප්පු වුණා.
එහිදී ඔහුට ලැබී තිබුණේ ඔහුගේම රුව නිර්මාණය කළ ඉතාම ලස්සන සිතුවමක්. ඒකට චාමිකටනම්
තිබුණේ පුදුම සතුටක්.

