ඕස්ට්‍රේලියාවේදි චාමික කරුණාරත්න කැසිනෝ ශාලාවක ගැටුමකට මැදිවූ සිද්දිය

Cricket Sri Lanka Cricket Austria
By Sithumi Nov 07, 2022 05:33 PM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ගැටුමක් ඇති කර ගත් සිදුවීමක් පිළිබදව රූපවාහිණි නාලිකාවක් අද වාර්ථා කර තිබෙනවා. 

 එහි සිටි වෙනත් පුද්ගලයෙකුට චාමික කරුණාරත්න පහර දී ඇති බවත් එම ගැටුම සමථයකට පත් කර තිබුණේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වාර්තා වුණා. 

 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමට ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා විස්සකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනද ඉන් කළමනාකාරිත්වයේ අවසරය හිමිව තිබුණේ හයකට පමණක් වුවද නමුත් ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවත් ඇතැමුන් ආපසු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත පැමිණ ඇත්තේ නියම කළ කාලය ද ඉක්මවා ගොස් තවත් තව දුරටත් වාර්තා කලේය.