හෙට පැවැත්වෙන තරගය ගැන චාමිකගෙන් විශේෂ ප්‍රකාශයක්...

Cricket Sri Lanka Cricket
By Sithumi Oct 17, 2022 01:26 PM GMT
Report

ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතාවලියේ පළමු වටයේ පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජයකර නැම්බියාව ජයගෙන තිබුනා. ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන තරගයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ හෙට (18) ජීලෝන් හි දී පැවැත්වෙන අතර හෙට තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසා සිටියේ තරගයේදී සිය කණ්ඩායම සිය උපරිමයම ලබාදීමට සූදානමින් සිටින බවයි. 

 චාමික කරුණාරත්න පවසා සිටියේ මෙවැන්නක් “ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද ගියේ කියලා. අපි ඒක පැරදුණා. ඒ නිසා අපිට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. “අපි බලන්නේ අපි සතුව ඉන්න ක්‍රීඩකයින් ගැන. මේ වන තෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොදින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්තය අතර ඊයේ තිබුණු තරගයත් අවසන් පන්දුවේදී අවසන් වුණේ.

අපි දන්නේ නෑ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම ‌වෙනස්ම දේවල් වන ක්‍රීඩාකවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අපි බලමු. එතැනදි වෙනස්ම ස්ථාන වෙනත්ම තත්ත්වයන් සහ වෙනස්ම කණ්ඩායම් සමඟ අපිට තරග කිරීමට සිදුවෙනවා ක්‍රීඩාංගණත් ගොඩක් වෙනස්. එක පැත්තක් මීටර 57 යි. තව පැත්තක් මීටර 55 යි. කෙළින් දුරටයි. ගොඩක් දේවල් වෙනස්. ඒ නිසා අපි සැලසුම් කරන්න ඔ්න අපේ ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා." හෙට පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට එය ආරම්භවීමට නියමිතයි.