චමී පොලිස් අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Oct 16, 2022 11:03 AM GMT
Report

දිර්ඝ කාලයක් තිස්සේ අලුත්ගම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු සේදී ගාල්ලගේ චමින්ද කුමාර නොහොත් වරාපිටියේ චමී අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 9ක්, කේරළ ගංජා ග්‍රෑම් 25ක් සහ ජාවාරම සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර පුද්ගලයන් තිදෙනකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් සමග රාජගිරිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩ 11ක් සහ හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගත් බවයි වාර්තාවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now