ඊයේ චමරිට විශේෂ දවසක්ලු.. වාර්තා අතරට ගිය ශතකයක් ගන්න හේතුවත් ඒකමලු.. කවුද දන්නව ද එයාව බලන්න ඊයේ ඇවිත් තියෙන්නෙ?..(PHOTO)
ඊයේ (22) දඹුල්ලේ දී ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්විණ.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය.
එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය.
එමෙන්ම, ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින් ය.
එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකය ද වේ.
මේ ගැන චමරි අතපත්තු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ මෙවැන්නකී,
"මේ ශතකය මගේ අම්මා වෙනුවෙන් ❤️ මගේ හොඳම රසිකයා අම්මා. ඇගේ අසනීප තත්ත්වය නිසා ඇය පසුගිය වසර දහතුන පුරාවට මා ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ නැහැ. වසර දහතුනකට පසු අද ඇය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේ මා ක්‍රීඩා කරන තරගයක් නැරඹීමටයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මගේ නිවසට ඉතා ආසන්න බැවින් ඇයට පැමිණීමට පහසු විය.
This celebration for my mom ❤️
My best fan is mom. Due to her illness, she has not come to the stadium to watch an international match where I play for the last thirteen years.
Thirteen years later, today she came to the Rangiri Dambulla International Cricket Stadium to watch a match I was playing.
Rangiri Dambulla International Cricket Stadium is very close to my house so it was easy for her to come."
