වාර්තා පිට වාර්තා තැබූ චමරිගේ ශතකය...

Sri Lanka Cricket Chamari Athapaththu ICC Women’s T20 World Cup Women
By Sithumini Jul 22, 2024 11:28 AM GMT
Report


ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේශියා කාන්තා කණ්ඩායම අතර තරගයෙදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.

හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින් ඇය එම ශතකය රැස් කර තිබුණා. එය වාර්තාවක් තැබීමටද සමත්වුණා.

එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකය ලෙස වාර්තා අතරට එක්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්වුණාං