රට දිනවූ චමරි තැබූ සංවේදී සටහන මෙන්න.
ඇයි අපිට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්තේ?
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග සඳහා සුදුසුකම් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු තැබූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ කතාබහට ලක්ව තිබෙනවා.
එම සටහනේ ‘පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අපරාජිතව ශූරතාව දැරීමෙන් සහ එංගලන්තයේ පොදුරද මඬුළු ක්‍රීඩා උළෙල සඳහා අපගේ ස්ථානය වෙන්කරවා ගැනීමෙන් අපි අපගේ තත්වය සහ හැකියාව පෙන්නුම් කළෙමු.
මොහොතක් සිතන්න. ඇයි අපිට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්තේ?
ඇත්තෙන්ම අපි ඉතා හොඳ ක්‍රිකට් කණ්ඩායමක්.’ ලෙසින් දක්වා තිබුණි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා සිම්බාබ්වේදී පැවැති සුදුසුකම් ලැබීමේ වටය සඳහා ශ්‍රී ලංකාව ඉතා ඉහළ මානසිකත්වයකින් සහභාගි වූ නමුත් කොවිඩ් බලපෑම හේතුවෙන් එම තරගාවලිය අතරමග නතර කර දැමිණි.
ඒ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ වටයේ සිටි කිසිදු කණ්ඩායමක් තෝරා නොගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මත පමණක් පිහිටා සෙසු කණ්ඩායම් තෝරා ගන්නට සංවිධායකයන්ට සිදුවිය.
මෙම ප්‍රකාශයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව එම සටහනේ 8 වැනි ස්ථානයේ පසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |