හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණ ආරංචියක් මෙන්න. (PHOTOS)

Facebook Meta Social Media Latest Headlines Chamara Weerasinghe
By krishani Jan 24, 2024 04:23 PM GMT
Report

අසනීප තත්ත්වයේ පසු වන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණ ආරංචියක් මෙන්න. (PHOTOS) | Chamara Weerasinghe

එහි ඔහු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයට හා ඔහුගේ යහපත ප්‍රාර්ථනා කරන රසික රසිකාවියන් වෙනුවෙන් සිය ස්තූතිය ද  පළ කර ඇත.

එමෙන්ම, කෙටි කාලයක් තමා විවේක ගත යුතු බවත් ඒ සඳහා විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

චාමර වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක් වේ,

චාමර වීරසිංහ මහතා විසින් දැනුම් දෙන ලද පණිවිඩයකි..

දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන ලද අතර, වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු විසින් දැනුම් දෙන ලදී.

~ Admin. R~  

Sponsored By Sarrita Jewellery

හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන් ලැබුණ ආරංචියක් මෙන්න. (PHOTOS) | Chamara Weerasinghe


GalleryGalleryGalleryGalleryGallery