සිමෙන්ති කර්මාන්ත ශාලාවක බිලියන ගාණක දැවැන්ත හොරකමක්..මහ මොලකරු ප්‍රබල ඇමතිවරයෙක්.(VIDEO)
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ බිලියන ගාණක යකඩ හොරකම් පිටිපස්සේ ඉන්නේ ඇමැති චාමර සම්පත් බවට සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
වැඩි දුරටත් අදහස් දක්වමින් සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක මහතා කියා සිටියේ,
"අවුරුදු ගාණක් කර්මාන්තශාලාව ආරක්ෂා කරේ හමුදාව.
චාමර සම්පත්ට හොරකම් කරන්න ඕන හින්දා හමුදාව යැව්වා. සිකුරුටි කම්පැනියෙන් කියලා බදුල්ලේ හත්දෙනෙක් ගෙනිහින් දාගෙන ඉන්නවා.
මේ හොරකමට ඒගොල්ලොත් සම්බන්ධයි. සිමෙන්ති සංස්ථාව අධ්‍යක්ෂක මණ්ඩලයට චාමර සම්පත්ගෙන් මල්ලිව දාලා.
සංස්ථාවට අයත් බම්බලපිටිය ඉඩමේ තියෙන car park එකෙනුත් ලොකුවටම හොරකම් කරනවා.
මගේ සභාපති කාලේ එකතු කරලා තියෙන සල්ලි ටික ඉවර කරන එක තමයි මේ ගොල්ලො කරන්නෙ."
ගාමිණී ඒකනායක මහතා විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ,යූටියුබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමින්.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.