චාල්ස් රජුගේ මහා රාජාභිෂේකය..

By krishani Oct 12, 2022 04:48 AM GMT
Report

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහී දි පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිඟාව නිවේදනය කළේ ය.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් තුන්වන චාල්ස් කුමරුට රජකම හිමි විය.

ඔහුගේ රාජාභිෂේකයක් මෙතෙක් පැවැත්වූයේ නොමැති අතර චාරිත්‍රානුකූලව බොහෝ සංදර්ශන මධ්‍යයේ රාජාභිෂේකය සිදු කරමින් චාල්ස් රජුගේ හිස මත ඔටුනු පැළඳවීමට නියමිතයි.

මෙවැනි රාජාභිෂේකයක් සිදුවන්නේ අවුරුදු 70කට පසුව වීම විශේෂත්වයක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join