CEYPETCO පිටවුම්හල් වලින් හෙට සිට වාහනේ අන්තිම අංකය අනුව යළිත් සීමා සහිතව ඉන්ධන
ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන තෙක් හෙට සිට සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන සැපයෙන අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.
ඉදිරි සතියක කාලය සඳහා යතුරුපැදියකට උපරිම රුපියල් 1500ක සීමාවකට යටත්වත්, ත්‍රිරෝද රථයකට රුපියල් 2000කට යටත්වත් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිසට සහ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබා නොදීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
ඒ අනුව වාහනයේ අවසන් අංකය 0,1,2 සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදාත්, 3,4,5 සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදාත් 6,7,8,9, සඳහා සඳුදා, බදාදා, සිකුරාදා යන දිනයන්හිදී ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මෙම වැඩපිළිවෙළ හෙට සිට ආරම්භ වන බැවින් හෙට දිනයේ වාහනයේ අවසන් අංකය 3,4,5 ලෙස දැක්වෙන වාහනවලට සිපෙට්කෝ පිරවුම්හල් මගින් ඉන්ධන සැපයෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |