වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයන් වෙත ගෙවීමට සැරසේ

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Aug 08, 2022 10:42 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම ලබාදීමේ දී අය කරන තැම්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි. ලංකා විදුලිබල මණ්ඩල පනතට අනුව එම තැම්පතු මුදල් වෙනුවෙන් පාරිභෝගිකයින් වෙත පොලී මුදලක් ගෙවි යුතු වුවත්, වසර ගණනාවක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් එය ගෙවා නොමැති බවටයි එම සංගමය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

.............................................................

you may like this video-;


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now