අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹුවොත් සිදු වන දේ.
ගැබ්ගෙල පිළිකා අද වන විට ගොඩක් කාන්තාවන්ට තියෙන රෝගයක්. ඔයාට වැලදෙන්න පුළුවන් රෝග අතර දෙවැනි තැනට තමයි මේ ගැබ්ගෙල පිළිකා තියෙන්නේ. ඒ තරමටම මේ ගැබ්ගෙල පිළිකා දරුණු වෙලා. හැබැයි මේ රෝගය මුලින්ම හඳුනා ගත්තොත් ජීවිතය බේරා ගන්න බැරි කමක් නැහැ.
ගැබ්ගෙල ආශ්‍රිතව "හියුමන් පැපිලෝමා වයිරසය (HPV)) ආසාදනය ඇති වීමෙන් තමයි මේ ගැබ්ගෙල පිළිකා ඇති වෙන්නේ. මෙය පූර්ව පිළිකා අවධියේ නම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි පැප් පරීක්ෂණයකින් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙහි රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවද බලන්න.
🥀 යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය,
🥀 ලිංගික සංසර්නයට පසු රුධිර වහනය,
🥀 යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක් පිටවීම,
🥀 මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම,
ගැබ්ගෙල පිළිකා හැදෙන්නේ කාටද?
🥀 හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට,
🥀 අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට,
🥀 බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට,
🥀 බහුස්‌ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයින් සමග ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට,
🥀 අක්‍රියව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට,
🥀 විවිධ රෝග සඳහා ප්‍රතිශක්‌තීකරණය හීනකරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට,
🥀 ලිංගිකව බෝවන රෝග සෑදි ඇති කාන්තාවන්ට,
ගැබ් ගෙල පිළිකාවෙන් වැළකී සිටීමට,
🥀 අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීමෙන් වළකින්න.
🥀 ලිංගික සබඳතා පවත්වන සෑම කාන්තාවක් ම අවුරුදු 35 දී පළමු පැප් පරීක්ෂණය සඳහා ප්‍රදේශයේ සුවනාරි සායනයට සහභාගි වෙන්න.
🥀 විශ්වාසවන්ත එක් සහකරුවකුට පමණක් ලිංගික දිවිය සීමා කරන්න.
🥀 අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත්පාලන කොපු භාවිතා කරන්න.
🥀 ලිංගික දිවිය ඇරැඹීමට පෙර වළක්වා ගැනීමට HPV එන්නත ලබා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |