මහ බැංකුව තවත් බිලියන 100කට අධික මුදල් ප්‍රමාණයක් අච්චු ගහයි..! ඇමරිකානුවන් කියන භයානක දේ..
තවත් රුපියල් බිලියන 119.08ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ යළි පියවර ගෙන තිබෙනවා. ඒ මුදල් අමාත්‍යවරයෙකු හෝ මහ බැංකු අධිපතිවරයෙකු දිවුරුම් දී නොමැති පසුබිමක වීමත් විශේෂත්වයක්.
ඒ අනුව මේ වසර තුළ මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 432.76ක්. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස වැඩ භාර ගැනීම සඳහා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළම අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා මහ බැංකුව අද වාර්තා කළා. ඒ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් වීමත් සමඟයි. පසුගිය මස 7 වැනිදා රුපියල නම්‍යශීලී වීමට ඉඩ හැරීමේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 200ක් ලෙසයි.
ඒ අනුව එතැන් සිට මේ දක්වා රුපියලේ අගය 62.6%කින් පහත වැටී තිබෙනවා. මේ අතර මෙරට වෙළඳ හිඟය 2021 වසරේ ජනවාරි මාසයේ පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 655ට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 859ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස 18.7%ක ඉහළ යාමක් ලෙස පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආනයන වියදම දැඩි ලෙස ඉහළයාම සහ අපනයන ආදායම පහළයාම ඊට හේතු වී ඇති බවයි. කෙසේවෙතත්, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේදී මෙරට අපනයන ආදායම 18.5%කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1101ක්. එය ඕනෑම වසරක ජනවාරි මාසයේදී ආනයනික ඉපැයීම්වලින් ලැබූ ඉහළම ආදායම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙරට ආනයන වියදම මේ වසරේ දී 23.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
2021 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1592ක් වූ අතරල එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1959ක්. ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත ආශ්රිත නිෂ්පාදනවල ආනයනික වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතරල 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේදී එය 1497%ක ඉහළයාමක් පෙන්වා තිබෙනවා.
එමෙන්ම ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී බෙහෙත් හා ඖෂධ නිෂ්පාදිත ආනයනික වියදම 76%කින් සහ තිරිඟු හා ඉරිඟු ආනයනික වියදම 507.6%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන ආනයනික වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී 38.9%කින් ඉහළ ගොස් ඇති අතර, පිරිපහදු කළ ඛනිජ තෙල් සඳහා 58.4%කින් සහ ගල්අඟුරු සඳහා 94.6%කින් ආනයනික වියදම ඉහළ යාමක් ද පෙන්නුම් කරනවා.
කෙසේවෙතත්ල බොරතෙල් ආනයනික වියදම 28.8%කින් පහළ ගොස් තිබෙනවා. සීනි හා රසකැවිලි ආනයනික වියදම 54.7%කින්, විදුලි සංදේශ උපකරණ ආනයනික වියදම 56.4%රකින් සහ පොහොර ආනයනික වියදම 47.3%කින් පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. ඒ අනුව 2021 වසරේ ජනවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 675ක් වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය 2022 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259ක් දක්වා පහත බැස තිබෙනවා.
මෙරට සංචාරකයින්ගේ පැමිණීම මේ වසරේ මාර්තු මස අවසන් සතියේදී 31,184ක් වූ අතර, එය ද මේ මස පළමු සතියේදී 17226ක් දක්වා පහත බැස ඇති බවයි සංචාරක සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක මෙරට සංචාරය කිරීමේදී මෙරට ආර්ථික සහ දේශපාලනික පසුබිම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මේ අතර, ලොව ප්රමුඛ පෙළේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩි ආයතනයේ ආයෝජන සේවා අංශය නිවේදනය කරන්නේ විදේශීය ණය ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි. දුර දිග යන දේශපාලන අස්ථාවරත්වය මීට පාදක වන බව ඔවුන් නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවෙන් දක්වා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ලොව ප්රමුඛ සංවර්ධන සහයෝගිතා ආයතනවල සහය ලබා ගැනීම මෙන්ම විදේශ ආයෝජන ද ආකර්ෂණය කර ගැනීම අපහසු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිට අද ශ්‍රී ලංකාවට පැමිණියා. හෙට දිනයේදී ඔහු මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් 2022 අංක 3 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |