මහ බැංකුව විසින් සියලු බැංකු වෙත විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ...

Central Bank of Sri Lanka Commercial Bank The Bank of Ceylon People's Bank
By Aruna May 18, 2023 03:32 AM GMT
Report

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම සඳහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බව මහ බැංකුව විසින් දැනුම්දී තිබෙනවා.

ඒ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමිනුයි.

කෙසේ වෙතත්,එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ, 2022 මැයි 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් පෙර නිකුත් කළ නියෝගයන් බවටයි.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

"ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තාම ව්‍යාපාර කටයුතු කරනවා.

හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ ඇතැම් දේශපාලඥයෙක් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ. හැබැයි හෝටලය තියෙනවා. ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා.

ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා. වෙන ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සහා කරනවා. ඒක වැරදි ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් හැබැයි මේ මෙතෙක් කල් නොගෙවන බරපතළ ණය තොගයක් තියෙනවා මේවා සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු වෙනවා."

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now