මහ බැංකුවෙන් එකවරම විශේෂ නිවේදනයක් - සිදු කරන්න යන මේ දේ ගැන දන්නවා ද?.
ලබන 20 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරනු ලබයි.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 57,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
මේ අතර, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සමථකරණයකට යාම සඳහා මුල්‍ය නීති රෙගුලාසි සංශෝධනය කළ හැකි නම්, මුල්‍ය ආයතනවලින් ණය ගෙන ගෙවාගත නොහැකි බොහෝ පිරිසක් ආරක්ෂා කරගත හැකි බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, බැංකු ක්ෂේත්‍රයේ විශ්‍රාම ගිය පිරිසකට පුහුණුවක් දී එම කාර්යය සඳහා යෙදවිය හැකි බවයි.
තැන්පත්කරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් සැකසීම සඳහා යෝජනාවක්ද තමන් නියෝජනය කරන බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව හමුවේ ඉදිරිපත් වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
බැංකුකරුවන්ගේ සංගමයද එම කමිටුව ඉදිරියට පැමිණ කරුණු ඉදිරිපත් කළ බවයි, හෙතෙම වැඩිදුරටත් අනාවරණ කළේ.
මේ නිසා එම කමිටුව ඔස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, මූල්‍ය නීති සංශෝධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
සම්පූර්ණ විස්තරය පහතින්,