විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Aug 11, 2023 06:58 PM GMT
Report

2023 ජූලි මාසය සඳහා ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 541ක් වන බව මහ බැංකුව නිවේදනය කළේ ය.

එය පසුගිය වසරේ ජුලි මාසය සමග සන්සන්දනය කර බලන විට 78% ක ඉහළ යාමක් වේ.

එමෙන්ම මහ බැංකුව සඳහන් කළේ, මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 3.36ක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, 2022 වසරේ එම කාලසීමාව තුළ ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.88ක් පමණක් වේ.