මහබැංකු අධිපති වෙත ආ පැමිණිල්ල..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Nov 05, 2022 06:58 AM GMT
Report

මහ බැංකුව විසින් ණය පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ණයහිමියන්ට දැරිය නොහැකි ලෙස ණය වාරික ඉහළ ගොස් ඇති බව ප්‍රජා බලය ජනතා සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන පවසයි.

එම නිසා ඇතැම් ණයහිමියන් ජීවිත පවා අහිමිකර ගෙන ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ය.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ,ණය හිමියන් සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මේ පිළිබඳව ඔහු මහ බැංකු අධිපතිවරයාට සංදේශයක් භාර දී ඇති බවත් ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join