ආනයන සීමා කිරිම් ඉවත් කිරිමේ කාලය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Central Bank of Sri Lanka
Nandalal Weerasinghe
Sri Lanka
By krishani
භාණ්ඩ රැසක ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹදී පැවති උත්සවයකදී අදහස් පළ කළේ ය.
රටේ පවතින මෙවැනි තත්ත්වයක දී විදේශ විනිමය කළමනාකරණය කළ යුතු බවත් ඇතැම් භාණ්ඩවලට ආනයන තහනම් පනවා ඇත්තේ තාවකාලිකව වන බවත් එමගින් ව්‍යාපාරවලට බලපෑම් එල්ලවන බව පිළිගන්නා බවත් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා ය.
අත්‍යාවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන දෑ සම්බන්ධයෙන් තීරණය කළ යුතු වන බැවින් අප සතුව ඇති සීමිත සම්පත් ප්‍රමාණය ආරක්ෂිතව භාවිත කළ යුතු බවත් පවතින අර්බුදකාරී තත්වය සමනය වීමෙන් අනතුරුව ආනයන සීමා ලිහිල් කළ හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |