මහ බන්කුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් අවසානයක් ..
වර්තමානයේ මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ (04) පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහ බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි කියා යි. තව ද, මේ මොහොතේ මහ බැංකුවට තීරණ ගැනිමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ඒ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විමසිලිමත්ව පසුවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මහ බැංකුව මේ වනවිට ගෙන ඇති තීරණ පිළිබඳව ඇතැම් පාර්ශ්වවල ප්‍රසාදය පළවී ඇති අතර තවත් පාර්ශ්වවල අප්‍රසාදය පළ වී ඇතැයි කියායි. විශේෂයෙන් ම බැංකු හරහා සිදුකරන ගණුදෙනු මත පමණක් භාණ්ඩ ආනයනය කළයුතු බවට මහ බැංකුව විසින් පැන වූ රෙගුලාසිය හේතුවෙන් ඇතැම් ආනයනකරුවන්ගේ අප්‍රසාදය මහ බැංකුව වෙත එල්ල වී ඇති බවයි.
කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ මහ බැංකුවේ අභිප්‍රාය වී ඇත්තේ උද්ධමනය පාලනය කර ගැනීම සහ විදේශ සංචිත ඉහළ නැංවීම බව ඔහු එහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |