මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sri Lanka central bank Nandhalal Weerasinghe Rani Jayamaha Sanjeewa Jayawardhana
By Sewvandhi Apr 10, 2022 12:19 PM GMT
Report

නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරන්නේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ අඛන්ඩව සේවය කිරීමට එකඟවීම ගැන සතුටට පත්වන බවයි.

අපක්ෂපාතීව වෘත්තිමයභාවය ආරක්ෂා කරගනිමින් සියලු කටයුතු සදහා ධනාත්මකව දායකත්වය දැක්වූ ඔවුන්ගේ වෘත්තිය භාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තමන් සතු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ ඔවුන්ගේ දායකත්වය සහ මග පෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස තමාටත් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join Now