ආක්‍රමණශීලි ව්‍යාජ ගොටුකොළ වලට ඔබත් රැවටිලාද?

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Oct 18, 2022 11:50 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොටුකොළ කිවුව ගමන් මතක් වෙන්නේ මොළේ වර්ධනය කරන පලා වර්ගයක් විදිහටනේ. සංස්කෘත භාෂාවෙන් මණ්ඩුක පර්ණී නැතහොත් බ්‍රාහ්මී යන නම් වලින් පවා හඳුන්වන ගොටුකොළ , ඉතාමත් ගුණදායක මෙන්ම රසවත් පලා වර්ගයක්.

centella asiatica නැමති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොටුකොළ වල,ගස් ගොටුකොළ ( ප්‍රමාණයෙන් විශාල වර්ගය) සහ වැල් ගොටුකොළ ( ප්‍රමාණයෙන් කුඩා වර්ගය) ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා.හැබැයි ඔය ප්‍රභේද දෙකම එක වගේම ගුණයි.


ගොටුකොළ වල ගුණ

☘️ ආයුර්වේදයට අනුව ගොටුකොළ මේධ්‍ය ද්‍රව්‍යකි. එනම් මතක ශක්තිය වැඩි කිරීම , ආවර්ජන හැකියාව වැඩි කිරීම, ධාරණ හැකියාව වැඩි දියුණු කිරීමට ඉතා ඉහළ හැකියාවක් ගොටුකොළ වලට තියෙනවා

☘️ හෘදයට හිතකර අතර රුධිරය පිරිසිදු කිරීම, ශක්ති ජනන, විෂ හරණ, තරුණ බව රැක දෙන, ක්ෂීර වර්ධක හැකියාව.

☘️ ඒ වගේම කුෂ්ඨ ‍රෝග, පීනස් රෝග, උන්මාද , අපස්මාර , ප්‍රමේහ රෝග, ආදි වූ බොහෝ රෝග වලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමුඛව භාවිතා වන ඖෂධයකි.

☘️ ඉහළ යකඩ ප්‍රතිශතයක් වගේම , බීටා කැරොටින් , පොස්පරස්, කැල්සියම් , පොටෑසියම් , මැග්නීසියම් , ක්‍රෝමියම් , සෙලිනියම්, සින්ක් වැනි ඛණිජ ලවණ ද අඩංගුයි.


නමුත් අද වන විට වෙනස් වී ඇති අමුතු ගොටුකොළ ප්‍රභේදයට ඔබත් රැවටිලාද?

🍀 අද වන විට විදේශීය ආක්‍රමණශීලී පැලෑටියක් නිසා මෙතරම් වටිනා පලා වර්ගයක් වන ගොටුකොළ අපේ භාවිතයෙන් ඈත් වෙමින් පවතිනවා.

🍀 අපේ රටට පැමිණ, විසිතුරු මල් පැලෑටි අලෙවිසැල් හරහා ව්‍යාප්ත වුන බාහිර ස්වරූපය අතින් ගොටුකොළ හා යම් සමානතාවයක් පෙන්වන hydrocotyle verticillata සහ hydrocotyle umbellata යන ශාක ගොටුකොළ ලෙස ඇතැමුන් වරදවා හඳුනාගෙන තිබෙනවා.

🍀 මෙහි පත්‍ර ගොටුකොළ වලට වඩා තරමක් ඝනකම් වන අතර තද පැහැතියි.

🍀 පත්‍ර වල උඩු පෘෂ්ඨය දිලිසෙන සුලු ස්වභාවයකින් යුක්තයි.

🍀 තවත් සමහරුන් මේවා ගොටුකොළ වලම තවත් එක් ප්‍රභේදයක් ලෙස සලකා මැලේසියන් ගොටුකොළ , තායි ගොටුකොළ , කොරියන් ගොටුකොළ , රට ගොටුකොළ, නෙලුම් ගොටුකොළ, පැඟිරි ගොටුකොළ යනාදී විවිධ නම් වලින් හැදින්වීමට ද පුරුදු වී තිබෙනවා.

🍀 හැබැයි සාමාන්‍යයෙන් ගුණදායක පෝෂ්‍යදායක පැලෑටියක් ඔය කියන විදිහට සීඝ්‍ර ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේක වද කරන්නත් ඉතා අපහසුයි . ආක්‍රමණශීලී ශාකයක ලක්ෂණ පෙන්නුම් කරනවා.

🍀 නමුත් මේවා ආහාරයට නොගන්න ශාකයක් බව තරයේ මතක තබාගන්න.


මොනවද මේ ව්‍යාජ ගොටුකොළ

🍀 ඉතා වේගයෙන් වගා කරන්නෙකු වන Hydrocotyle verticillata (Water Pennywort) යනු වටකුරු, හැඩැති පත්‍ර, සහිත ආක‍,ආක්‍රමණයශීලි ශාකයකි.

🍀 දකුණු සහ උතුරු ඇමරිකාවට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වලටද නිජබිම "වන වෝටර් පෙනිවෝට්" ඇළ දොළ දිගේ, නොගැඹුරු ජලයේ හෝ වගුරු බිම්වල සහ පහත්, මඩ සහිත බිම්වල වර්ධනය වෙනවා.

🍀 පෙරබිම් ශාකයක් ලෙස ජනප්‍රිය, Water Pennywort ආන්තික ජලජ ශාකයක් ලෙස භාවිතා කළ හැකි අතර උද්‍යාන පොකුණු සඳහා සුදුසු භාවිතයට ගැනෙනවා.

( ව්‍යාජ ගොටුකොළ පහත ඡායාරූප වල දැක්වේ)

  

GalleryGallery