ජීවිතය අවදානමේ දාන සෙලියුලයිටීස්.

By Wayomi Jul 27, 2022 11:07 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බැක්ටීරියා නිසා ඇති වන සමෙහි ඇති වන සෙලියුලයිටීස් නම් රෝගය ගැන ඔබ අහලා තියෙනවද? සමහර විට ඔබ නොදන්නවා වුණාට ඔබටත් මේ රෝගී තත්වය තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කකුලේ යටි පතුලට ආසන්නව, දණහිසට පහළිනි, මුහුණේ අතේ හෝ වෙනත් ඕනෑම තැනක මෙම රෝග තත්ත්වය දකින්න පුළුවන්.

තුවාලයක්, ශල්‍යකර්මයක්, සීරිමක් වැනි අවස්ථාවක සම පළුදු වී ඒ තුළින් බැක්ටීරියා පහසුවෙන් ඇතුළු වී මේ තත්වය ඇති වෙනවා. නිවැරදිව ප්‍රතිකාර ගත්තේ නැති වුණොත් මෙම තත්ත්වය රුධිරය මගින් මුළු ශරීරය පුරාම පැතිර යා හැකියි. ඒ වගේම මෙය මාරාන්තික වීමේ අවදානමක් ඇති අතර රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට බෝ වන්නේ නැහැ.

රෝගයේ ලක්ෂණ.

📌 සම රත්පැහ වීම.

📌 ඉදිමීම.

📌 වේදනාවක් ඇති වීම.

📌 සම ස්පර්ශ කිරීමේදී දැඩි රස්නයක් දැනීම.

📌 උණ.

📌 සමෙහි රත්පැහ ලප ඇති වීම.

📌 දිය බුබුළු ඇති වීම.


අවදානම් තත්ත්ව

📌 සුනඛයන්, පූසන් වැනි සතුන්ගේ සපා කෑම් නිසා සම පළුදු වීමෙන් සෙලියුලයිටීස් තත්ත්වය ඇති වීමේ වැඩි නැඹුරුවක් පවතිනවා.

📌 වියලි සම, ගල් තැළුම් සහිත දෙපා, සමෙහි දිලීර ආසාදන නිසාත් මේ තත්වය ඇති විය හැකියි.

📌 සමට සිදුවන අනතුරු - කැපීම්, තුවාල වීම්, සීරිම්, වණවීම්, ගින්දර හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය මගින් සමට හානි සිදුවීම.

📌 ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම, දියවැඩියාව, යම් රෝග තත්ත්ව සමනයට දීර්ඝ කාලීන ඖෂධ භාවිතය, HIV රෝගී තත්ත්වය ආදියෙන් පෙළෙන පුද්ගලයින්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතා දුර්වලයි.

📌 සම අධික ලෙස කැසීම ඇති කරන දද පැවතීම.

📌 දීර්ඝ කාලයක් පුරා බරවා රෝගී තත්ත්වය හෝ සම ඉදිමී පැවතීමෙන් පෙළීම.

📌 අධික තරබාරුව.

📌 අක්මාව සහ හෘදය නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා පාද ඉදිමීම.

📌 සෙලියුලයිටීස් රෝගී තත්ත්වයට පෙර අවස්ථාවලදීත් ගොදුරු වී තිබීම.


මෙම රෝගී තත්ත්වයෙන් ශරීරය ආරක්ෂා වීමට

📌 සමෙහි ඇති තුවාල දිනපතා සබන් යොදා සේදීම.

📌 ආරක්ෂිත ක්‍රීම් වර්ග භාවිත කිරීම.

📌 සමට තුවාල වූ විටෙක ඒවා ගෝස්, බැන්ඩේජ් ආදියෙන් මනාව ආවරණය කර තැබිය යුතුයි. ඒවා දිනපතා මාරු කළ යුතුයි.

📌 සම මතුපිට ඇති වූ තුවාල ආසාදනය වන ලකුණු ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

📌 දිනපතා දෙපා පරීක්ෂා කර, ඇඟිලි කරු අතර සෝදා දෙපා තෙත මාත්තු කර වියළිව තබා ගත යුතුයි.

📌 ආරක්ෂාකාරී පා ආවරණ, සපත්තු, සෙරෙප්පු පැළඳිය යුතුයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW