සුප්‍රසිද්ධ ගායිකාව සියලු ප්‍රසංග අවලංගු කරයි - (PHOTOS)

By Sewvandhi May 27, 2023 10:19 AM GMT
Report

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන Celine Dion ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙලෙස සියලු ප්‍රසංග අවලංගු කිරීමට තීරණය කර ඇති බවයිවිදෙස් මාධ්‍ය වාර්තා කළේ.

55 හැවිරිදි වියේ පසුවන Celine Dion සිය Instagram ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රසංග අවලංගු කිරීමෙන් රසිකයන් අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව Celine Dion විසින් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලු සංදර්ශන හා සංචාර අවලංගු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join Now 


GalleryGallery