සුප්‍රකට ගායිකාවක් නමින් විශ්වවිද්‍යාලවලට අලුතින් ලැබෙන්න යන දේ මෙන්න...

United States of America Taylor Swift
By Gagana Mar 04, 2024 10:33 AM GMT
Report

මේ වනවිට පිළිපීනයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයන් වලට විශ්ව විද්‍යාලයන්ට නව විශේෂිත පාඨමාලාවක් හඳුන්වාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ "සෙලිබ්‍රටි ස්ටඩීස් - ටේලර් ස්විෆ්ට් ඉන් ෆෝකස්" නමිනි. විදෙස් මාධ්‍ය පැවසුවේ ටේලර් ස්විෆ්ට් මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක් අරඹා සිටින අතර ඒ හේතුවෙන් පිලිපීනයේ ද තරුණ ප්‍රජාව ඇයගේ තොරතුරු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් පසුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඇය මේ වනවිට අමෙරිකානු ගීත රචිකාවියක් මෙන්ම ප්‍රකට ගායිකාවක් වන අතර තරුණ ප්‍රජාව තුළ ප්‍රකට චරිතයකි. ඇය 14 වතාවක් Grammy සම්මානයට පවා පාත්‍ර වීමට සමත් වී ඇති බවට සඳහන්.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන් මෙම විෂය ඒකකය හරහා ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසිද්ධිය සහ සමාජයට ඇති බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ. එය මෙහෙවනු ලබන්නේ මහාචාර්ය චෙරිස් බ්‍රිලන් විසිනි.