"මැච් එක දිනුවොත් මන් සතියක් මහ ගෙදර යනවා" බිරිඳගේ ඔට්ටුවට කැමති වුන කෑගල්ලේ සැමියා මැච් එක දිනා දෙන්නැයි දෙවියන්ට බාරයකුත් වෙලා...
ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා දින කිහිපයක සිටම ඔහු සූදානම් වූයේ කලක සිටම ඔහු ක්‍රිකට් වලට ලැදි අයෙකු වූ නිසාවෙනි. පුද්ගලික ආයතනයක රැකියාව කරන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වන්නේද ක්‍රිකට් තරඟ නැරඹීමයි.
එහෙත් ඔහුගේ බිරිඳ එයට කිසිම කැමැත්තක් නොදක්වන අතර සැමියාගේ මෙම ක්‍රියාවන් නිසා කේන්තියෙන් සිටි ඇය ඊයේ දිනයේදී පවසා ඇත්තේ ,කිසිම ලෙසකින්වත් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය නොගන්නා බවයි.
යම් හෙයකින් ජයගත හොත් තමන් තනිවම සතියක් මහ ගෙදරට යන බවත්,හිතේ හැටියට මැච් නරඹන ලෙසත් ඇය ස්වාමි පුරුෂයාට පවසා තිබෙනවා. යම් හෙයකින් තරඟය පරාජය වුවහොත් ගෙදර රූපවාහිනියෙන් තරඟ නැරඹීම මින් මතුවට ස්වාමි පුරුෂයාට තහනම් බවයි ඇය කියා ඇත්තේ.
ඒ අනුව එම ඔට්ටුවට එකඟ වී ඇති සැමියා කෑගල්ල නගරයට ආසන්න දේවාලයකට ගොස් පඬුරක්ද ගැට ගසා ඇත්තේ අද සවස පැවැත්වෙන තරඟයෙන් කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර දෙන ලෙසයි.
මෙම යුවළගේ අපූරු ක්‍රිකට් ඔට්ටුව පිළිබඳව මේ වන විට ඔවුන්ගේ හිත මිතුරන්ටද ආරංචි වී ඇති අතර ඔවුන් සියලු දෙනා බලා සිටින්නේ අද සවස ඔට්ටුවෙන් ජයගන්නේ කවුරුන්ද යන්නයි.