හොර සැමියා නිවසට ඇවිත්, මැරුණු සැමියාගේ උප්පැන්න සහතිකය අරන් ගිහින් දුන්න දඩුවම..
අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ,මියගිය සැමියාගේ උප්පැන්න සහතිකය,ඇතුළු වටිනා ලිය ලියකියවිලි රැගෙන ගොස් ඇති අනියම් සැමියා ගැන පුවතක් හිනිදුමෙන් වාර්තා වනවා.
එනම් කාන්තාව විසින් එම සම්බන්ධතාවය නතර කිරීමට යෝජනා කිරීම නිසා කෝපයට පත් අනියම් සැමියා මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මීට වසරකට ඉහතදී එම කාන්තාවගේ සැමියා මියග ොස් තිබූ අතර පසුව ඇය එම ප්‍රදේශයේම දෙදරු පියකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ අතරවාරයේදී අදාළ දෙදරු මවට පවුලේ ඥාතින් විසින් විවාහ යෝජනාවක් සිදුකොට තිබීම හේතුවෙන් කාන්තාව විසින් අනියම් සම්බන්ධතාව නතර කිරීමට අනියම් සැමියා හට යෝජනා කර තිබෙනවා.
මෙහිදී අනියම් සැමියා පවසා ඇත්තේ විවාහ ගිවිසගත්තද තමන් සමග අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යායුතු බවයි.
එහෙත් මෙම කාන්තාව එයට විරෝධය දැක්වීමත් සමඟ ඇයගේ නිවෙසට පැමිණ මෙම ලියකියවිලි රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකරු මේ වන විට හිනිදුම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |