ඔබත් අනියම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් ද?

By Wayomi Jul 03, 2022 10:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අනියම් සබඳතා එක එක හේතූන් නිසා කරළියට ආවට අපි දන්නා නොදන්නා ගොඩක් අය අනියම් පෙම්වතුන්, පෙම්වතියන්. විවාහ වෙන්න ඉන්න අයත්, විවාහවෙලා ඉන්න අයත් මේ ගොඩට වැටෙනවා.

🟣 ඇත්තටම ආදරේ කරන කාලේ හෝ විවාහ වුණාට පස්සේ කාන්තාවක් අනියම් සම්බන්ධතා ඇති කරගන්නේ බොහෝ දුරට ආදරය, රැකවරණය, පිළිගැනීම, අහිමි වීම් වැනි හේතූන් නිසා. පිරිමියෙක් නම් අනියම් පෙමක් පටන් ගන්නේ වැඩිපුරම ලිංගික ජීවිතය තුළ ගැටලු නිසා, ලිංගික ආශාවන් නිසයි.

🟣 නමුත් ලිංගික ආශාවන් හෝ පැවති සබඳතාවයේ ලිංගික ගැටලු නිසා අනියම් සබඳතා ඇතිකරගත් කාන්තාවන් සහ ආදරය, ගරුත්වය, නිදහස අහිමි නිසා අනියම් සබඳතා ඇතිකරගත් පිරිමින් ද ඉන්න පුළුවන්.

🟣හැබැයි ඔය කොහොම වුණත් අනියම් සබඳතා ඇතිකරගත් මුල් කාලයේදී එයා නම් නියමයි, මෙයා තමයි ගැළපෙනම කෙනා කියලා හිතනවා. අනියම් සබඳතාවයක් බොහෝ විට ඇති කරගන්නේ, තමන්ට දැන් තිබෙන සබඳතාවය තුළ තිබෙන යම් අඩුපාඩුවක් නිසානේ. එක් කරුණක් ගැන හිතලා තමන් බලාපොරොත්තු වන ලෙසින්ම එය තිබෙන නිසා අනියම් සබඳතාවය ඇති කර ගන්නවා.

🟣 ඒත් කාලයත් සමඟ අනියම් සබඳතාවය පටන් ගත්ත කෙනාගේත් යම් යම් ගැටලු, දුර්වලතා දැනෙනකොට..දකිනකොට පස්සේ තේරුම් යනවා,තමන් ඒ තෘප්තිමත් වෙන්න හොයපු දෙය ජීවිතය ගතකරන්න බලපාන එක් දෙයක් විතරයි නේද කියලා. පස්සේ තම කරගත්ත මෝඩකම ගැන හිතෙන්නේ. ඉතින් ඔය වගේ ගොඩක් අනියම් පෙම් පලහිලවූ කෙළවර වෙන්නෙම සියදිවි නසාගෙන.එහෙමත් නැත්නම් ගහමරගෙන.

අනියම් සබඳතා වලට යොමු වීමට බලපාන හේතු

💔 සන්නිවේදනයේ දුර්වලතා

💔 දෙදෙනාගේ මූලික ආසාවන්, බලාපොරොත්තු නොගැළපීම

💔 ගෞරවයක් නොමැති කම

💔 යමෙක් ඒකමතිකව කටයුතු කිරීම

💔 මූල්‍යමය පීඩනයන්

💔 මානසික දුරස් බව (අකමැති කෙනෙක් සමඟ විවාහ වී සිටීම වැනි, ආදරයට වඩා වෙනත් විවිධ හේතූන් නිසා විවාහ වී සිටීම)

💔 දෙදෙනා දිගුකාලීන ලෙස කායික වශයෙන් දුරස්ව සිටීම

💔 දෙදෙනා අතර ලිංගික සබඳතා වල ගැටලු

💔 කායික හිංසනයන්

💔 සබඳතාවය තුළ හුදකලා බව

💔 සහයෝගයක් නොමැති වීම

💔 ආදරය දක්වන ආකාරයන් එකිනෙකාට නොදැනීම

💔 සබඳතාවය තුළ අයෙක් දැඩි පාලනයට ලක්වීම

💔 අන්තර්ජාලය, සහ එහි ඇති ලිංගික ආස්වාදයන්ට ඇබ්බැහි වීම

💔 ලිංගික ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වීම.

💔 ළමා වියේදී කායික, මානසික, ලිංගික වැනි හිංසනයන්ට ලක්වී තිබීම

💔 ළමාවියේදී දෙමව්පියන්ගෙන් ලැබුණු ඍණාත්මක අත්දැකීම්

💔 මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම

💔 මානසික රෝගී තත්ත්වයන් 

💔 පෞරුෂත්ව දුර්වලතා

💔 වෛරය, පළිගැනීමේ චේතනාවන්  


අනියම් සබඳතා නිසා ඇති වන අහිතකර ප්‍රතිවිපාක

💘 ගැටුම්, පහරදීම්, දික්කසාද වීම, සියදිවි නසාගැනීම් සහ මිනීමැරුම් දක්වා දුරදිග යන්න පුළුවන්.

💘 අනියම් සබඳතාවය හසු වුණාට පසුව වෙන් නොවී හිටියත් දෙදෙනා අතර තිබෙන විශ්වාසය නැවත තිබූ ලෙස ගොඩනගාගන්න බැරි තරමටම බිඳෙනවා.

💘 නිතරම සැකයෙන් බලනවා. ඒ නිසාම ගැටලු නැවත නැවත ඇතිවෙනවා.

💘 තමන් ගැන නිතර වරදකාරී බවක් දැනීම

💘 ආත්මාභිමානය හීන වීම

💘 දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ ජීවිතයට දැඩි අහිතකර බලපෑම් ඇතිවීම

💘 බියෙන් කටයුතු කිරීම

💘 දැඩි ආතතිය

💘 කාලය අපතේ යාම

💘 තමා ගොඩනගා ගත් සම්පත් නාස්ති වීම

💘 සමාජ රෝග වලට ගොදුරු වීම  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW