ආසාවෙන් කෑම එකක් කන්න යන්නත් දෙපාරක් හිතන්න වෙයි වගේ?. බලන්නකෝ වෙලා තියෙන දෙය..
කිළිනොච්චිය නගරයේ ඉතා අපිරිසිදු ලෙස පවත්වා ගෙන ගිය ආපන ශාලා හතරකට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නඩු පවරා තිබෙනවා.
ඒ ඊයේ (11) කිළිනොච්චිය අධිකරණයේ ය.
මෙහිදී එම ආපන ශාලා හතරෙන් දෙකකට මුද්‍රා තබන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන් වේ.
එම ආපන ශාලා ඉතා පිරිසිදු මට්ටමකට සකස් කොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ආපන ශාලා දෙක පවත්වා ගෙන යාමට අධිකරණයෙන් අවසර ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.
අනෙක් ආපන ශාලා දෙකේ අයිතිකරුවන්ට පිලිවෙලින් රුපියල් 80,000 ක් හා 95,000 ක් බැගින් දඩ නියම කර ඇති අතර රුපියල් 80,000ක දඩයක් නියම කර ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් මෙහිදී කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන නගරයක් වන කිළිනොච්චියට විශාල පිරිසක් පිටස්තර පළාත්වලින් විවිධ අවශ්‍යතා සදහා පැමිණෙන නිසා සෑම ආපන ශාලාවක්ම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කොට මහජනතාවට ආහාරයට නුසුදූසු දේ අලෙවි කරන ආපන ශාලා හිමියන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙසයි.