සවස තේ සමග රස විඳින්න ගෙදරදිම හදාගන්න පුළුවන් කැරට් කේක් මෙන්න...
සවස තේ සමග රස විඳින්නත් තේ වෙලාවට අමුත්තන් පැමිණි විටෙක පිළිගන්වන්නත් කදිම කෙටි කෑම රැසක් මේ. විවේක වෙලාවක ඔබත් මෙවැනි කෑම වර්ග අත්හදා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
ග්‍රේට්කරගත් කැරට් අල 3
පාන්පිටි කෝප්ප 1
බේකින් පව්ඩර් තේ හැඳි 2
ලුණු ස්වල්පයක්
බිත්තර 2
සීනි කෝප්ප 1
වැනිලා ස්වල්පයක්
එළවළු තෙල් කෝප්ප 1/2
සාදන අයුරු-
පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු දාලා හලාගන්න. බිත්තර හොඳට බීට් කරගන්න. මේකට සීනි දාලා දියවෙනකල් බීට් කරගන්න. වැනිලා එකතු කරන්න. එළවළු තෙල් ටික දාගන්න. දැන් පාන්පිටි ටික ටික දාලා ස්පැතූලා එකකින් එකම අතට කලවම් කරගන්න. ලම්ප්ස් නැති බැටර් එකක් ආවට පස්සෙ ග්‍රේට්කරගත් කැරට් ටික දාලා නැවත හොඳට කලවම් කරගන්න. බටර් ගාගත් කේක් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා උඳුන 175 ° C (සංවහන උඳුන 160 ° C) දක්වා රත් කරපු අවන් එකක මිනිත්තු 50 - 60 අතර කාලයක් බේක් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |