ටින් මාළු කන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..ප්‍රධාන තැනකින් නිවේදනයක්..

Business Mobile Sri Lanka
By Aruna Mar 05, 2023 02:46 AM GMT
Report

දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කර තිබෙනවා. ශ්‍රි

ලංකා ප්‍රමිති ආයතන සඳහන් කරන්නේ ඕනෑම භාණ්ඩයකට එස්.එල්.එස්. ලබා දීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.

එස්.එල්.එස්. ලාංඡනය නොමැති දේශිය නිෂ්පාදිත ටින් මාළු වෙළඳපොලේ පවතින්නේ නම් එය නියාමනය කිරීම පාරිභෝගික අධිකාරිය සතු බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන දාහතරකට අයත් වෙළඳ නාම තිස්හතක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය ලැබි ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now