"සාමයට කැප වුණොත් යුද්ධය පැය 24 ක් තුළ නතර කළ හැකියි." - පූජ්‍ය අතුරලියේ රතන හිමි. - (VIDEO)
අකිල භාරතීය ධරම පර්ශද් නම් වූ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාන්දේත් දිස්ත්‍රික්කයේ වාර්ශිකව පවත්වනු ලබන විශේෂ සම්මේලනය මෙවරත් ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.
පසුගිය වසරේ පැවති සම්මේලනයේ දී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහි සභාපති ධූරයට පත්වූ අතර වසර දෙකක් සදහා එම තනතුර බලපැවත් වෙනවා.
ඒ, අනුව මෙවරත් උන්වහන්සේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහ එහි සභාපතිවරයා ලෙස මෙම උත්සවයට වැඩම කරන ලදී.
මෙහිදී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසින්,
“බුදු දහම ලෝක සාමය සඳහා ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම සාමය ඇති කළ යුත්තේ මිනිසාගේ අභ්‍යන්තරය තුළ බවත්ය. ප්‍රකෝටි ගණන් ධනය වියදම් කර යුද්ධ කලත්, රටවල් විශාල ප්‍රමාණයක් මේ යුද්ධයට සම්බන්ධ වුවත් අවසාන වශයෙන් මේ යුද්ධය උපදින්නේ මිනිසාගේ මනස තුළය. ඒ නිසා ලෝකයේ සිටින බලවත් රටවල් වල පුද්ගලයන්ගේ මනස වෙනස් උනොත් මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගන්න පුළුවන්. ගාසා තීරයේ පමණක් මාස තුනක් යනවිට විසි ලක්ෂයකට අධික ජනතාවක් සරණාගතයන් බවට පත් උනා. දැන් එය ලෙබනන්, ඉරානය, දකුණු ආසියාවේ පකිස්ථාන භූමිය දක්වා පැතිරිලා තියනවා. ඇත්තටම මුළු මැද පෙරදිගමත් රතු මුහුදත් මේ සෑම තැනම දැන් යුද්ධය පැතිරිලා තියනවා.
ඇත්ත වශයෙන්ම අපි තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වන තත්වයක තමයි සිටින්නේ. මෙහිදී ඉතා වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලෝකයට ගෙනියන්න ඕනේ. විශේෂයෙන්ම සියලුම ලෝක බලවත් රටවල නායකයන් සියලු දෙනා එක්ව එක සම්මුතියකට පැමිණියොත් මැද පෙරදිග යුද්ධය පැය 24 න් නතර කිරීමට පුළුවන්. මේ වෙලාවේ කලයුත්තේ ලෝකයේ සිටින බලවත් රටවල් 5 වන ඉන්දියාව, රුසියාව, චීනය, ඇමරිකාව, යුරෝපා සංගමය මේ සියලු දෙනා ඒකබද්ධ වී තීරණයකට පැමිණිය යුතුයි අප සියලු දෙනාම සාමයට කැපවෙන බවට. යම්කිසි ආකාරයකින් මෙම රටවල් 5 යම්කිසි එකඟතාවයකට පැමිණියහොත් මෙම යුද්ධය පැය 24 ක් තුළ නතර කිරීමට හැකිවේ. බුදුරජාණන් වහන්සේගේ අවසාන ඉලක්කය වූයේ මනුෂ්‍යයා සතර බ්‍රහ්ම විහරණ වලට ගෙන එන එක. සතර බ්‍රහ්ම විහරණ වලට ගෙන එනවා කියන්නේ මිනිස්සු කරුණාව, මෛත්‍රීය මත ස්ථපිත කරනවා කියන පණිවිඩයයි.”