ඔබත් ඇටත් එක්ක ඇපල් කනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම බලන්න.

Apple Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Sep 13, 2022 07:28 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කවුරුත් කන්න කැමති පළතුරු අතරින් ප්‍රධාන තැනක් ගන්න පළතුරක් තමයි ඇපල් කියන්නේ. ඒ වගේම ඇපල් diet plan එකකට නැතුවම බැරි පළතුරක්.

අපි සාමාන්‍යයෙන් ඇපල් කද්දී එක ගෙඩියකින් සෑහීමට පත් වෙන්නේ නැහැනේ. ඔය අතරේ සමහරු ඉන්නවා ඇපල් කද්දී ගෙඩිය පිටින්ම කනවා, එහෙමත් නැත්නම් ඇට පිටින්ම කනවා. නමුත් ඔබ දන්නවද? ඇපල් ඇට නිසා ඔබට මරණය අත්විය හැකි බව.

? ඇපල් ගෙඩි 18ක් හෝ 20ක් ඇට ඉවත් කරන්නේ නැතිව කෑවොත් මනුස්සයෙක් මරණයට පත්වෙන්න පුළුවන්.

? ඊට හේතුව, ඇපල් ඇට වල අඩංගු වන amygdalin සාන්ද්‍රණයයි. මෙය නිෂ්පාදනය වෙන්නේ ඇපල් ඇට අපේ කෙළ සමඟ මිශ්‍ර වුණොත් විතරයි.

? මේ amygdalin සාන්ද්‍රණයේ පොඩි ප්‍රමාණයකට නම් අපට හානි කරන්න බැහැ.

? නමුත් ඇපල් ඇට 150ක් - 200 ක් පමණ ප්‍රමාණයක් කැවුනොත් මිනිස් ශරීරයට මාරාන්තික වෙනවා.ඒ කියන්නේ ඇපල් ගෙඩි 18ක් - 20ක් පමණ.

? ඒ නිසා කිසිම දිනක ඇපල් ගෙඩියක් කද්දී ඒකේ ඇට සහිත කොටස ආහාරයට ගැනීමෙන් වළකින්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW