ලොවක් ප්‍රසිද්ධ සුපිරි ක්‍රීඩකයා දරුණු රෝගයකට ගොදුරු වෙයි - පළමු වරට සියලු තතු මාධ්‍යයට හෙළි කරයි - (PHOTOS)

Cricket Kidney Disease Australia Cricket Team
By Sewvandhi Dec 14, 2023 08:58 AM GMT
Report

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කැමරන් ග්‍රීන් සිය රෝගී තත්ත්වය ගැන පළමු වරට හෙළිකළේය.

එනම්,  ග්‍රීන් ගේ මව ගර්භණීව සිටියදී 19වන සතියේදී සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂාවකදී එම නිදන්ගත වකුගඩු රෝග තත්ත්වය පිළිබඳව හඳුනාගෙන තිබූණි.

වෛද්‍යවරු, ග්‍රීන් ගේ දෙමව්පියන් ට දැනුම්දී තිබුණේ ඔහුගේ ජීවිතය වසර 12කට පමණක් සීමා වීමට ඉඩ ඇති බවකි. නමුත් සිය පුතුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීමට ග්‍රීන් ගේ පියා වූ ගැරී ගේ සිහිනයට එය බාධාවක් නොවීය.

1999 ජූනි 03 වනදා උපත ලැබූ ග්‍රීන්, මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකි. 2020 වසරේදී ටෙස්ට් සහ එක්දින වරම් හිමිකරගත්තේය. මේ වනවිට 24 හැවිරිදි වියේ පසුවන කැමරන් ග්‍රීන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 1075ක් රැස්කරගෙන සිටී.

එසේම විස්සයි විස්ස තරග 8කටද ඔහු මේ වනවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර එක්දින තරග 23කදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 442කි. පන්දුයැවීමෙන් ද එකසේ දක්ෂතා දැක්වූ කැමරන් ටෙස්ට් කදුළු 30ක් සහ එක්දින කඩුලු 16ක් දවාගෙන සිටී.

ඔහු පවසන්නේ රෝගී තත්ත්වය ගැන කණ්ඩායමේ සිය සඟයින් ද නොදන්නා බවය. චැනල් 7 සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ග්‍රීන් පවසා සිටියේ සිය රෝගී තත්ත්වය පිළිබඳව හෙළි කිරීමට තීරණය කළේ ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයක් සහ ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ සම්ප්‍රේෂණය කිරීමට බවයි.

"ඇත්තටම මට තිබෙන්නේ ටයිප් 2 කියන අවස්ථාව. වකුගඩු රෝගයක් දරුණුම වෙන්නේ ටයිප් 5 අවස්ථාවේදී. එවිට වකුගඩු බද්ධ කිරීමකට හෝ ඩයලිසිස් තත්ත්වයට යා යුතුයි. මගේ වකුගඩු ක්‍රියා කරන්නේ 60%යි. නමුත් මට හැකියාව ලැබිලා තියෙනවා මගේ රෝගී තත්ත්වය කළමනාකරණය කර ගැනීමට..."

(උපුටාගැනීමක්)

GalleryGallery