බලා සිටිය දෙයක් ගැන ජනතාවට සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා..
ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.
ඊයේ (01) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී විවිධ පාර්ශවවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, පවුල් තෝරා ගැනීමේ දී සිදු වූ, නිර්ණායකවලට අනුව යමෙකුට මෙම වැඩපිළිවෙළට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදා වේ.
මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, පසුගිය වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබා දුන්න ද , මෙම වසරේ මහා භාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත්, රුපියල් බිලියන 205 ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery