අද කැබිනට් මණ්ඩලයේ සිදුවෙන්න යන දේ මෙන්න..
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
By Aruna
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර ,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |