ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අද සිදුවන විශේෂ දේ..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister President of Sri lanka
By krishani May 30, 2022 01:42 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(30) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක වන අතර තවත් අමාත්‍යධුර කිහිපයක් මෙම සතියේ දී ලබාදෙනු ඇති බව මෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව අමාත්‍ය මණ්ඩලය 25 දෙනෙකුට සීමා වනු ඇති බව ද සඳහන් වේ. 

කිසිදු රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර නොමැති පසුබිමක අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් අවදානය යොමුවනු ඇති බව මෙන්ම නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර 30ක් පමණක් ලබාදීමට සැලසුම් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join