මේ මොහොතේ හදිසියේම කැබිනට් රැස්වීමක් කැඳවයි - දේශපාලනයේ අතිශය තීරණාත්මක අවස්ථාවක්..!

Sri Lanka Gotabhaya Rajapaksha Basil mahinda Rajapaksha economic Crisis
By Sewvandhi Apr 03, 2022 03:43 PM GMT
Report

මේ මොහොතේ හදිසියෙ කැඳවූ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා .

මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝ විට ප්‍රබල අමාත්‍යවරයකු හෝ දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ අස්වීමේ සූදානම කුත් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇතැම් විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස් වනු ඇති බවටත් ඔහු සැක පළ කළා. එමෙන්ම මෙම කැබිනට් රැස්වීමේදී අද පැවැත්වීමට නියමිතව තිබුණු ජනතා උද්ඝෝෂණ මාලාව මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව බව ද වාර්තා වනවා.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට බඳුන් වූ බවයි වාර්තා වන්නේ. මේ අතර ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ එකොලහේ කණ්ඩායම ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයෙකු කියා සිටියේ ඔවුන් මෙම තීරණයට එළැඹීමත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමැති ධුර දරන තවත් 25 දෙනකු පමණ විපක්ෂයට එක්වීමට නියමිතව සිටින බවයි.

එසේ වුවහොත් පවතින රජයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී යනු ඇති. අප සමඟ සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිරි සතිය මෙරට දේශපාලනයේ අතිශය තීරණාත්මක සතියක් වනු ඇති බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now