21 වන ව්‍යවස්ථා සංශෝධනයට හෙට සිදු වන දේ..

Sri Lanka Sri Lanka Cabinet Sri Lankan political crisis
By Sewvandhi Jun 05, 2022 02:24 PM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත හෙට (06) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂ නායකයින්ගෙන් ලබාගත් අදහස් හා යෝජනා හෙට දිනයේ ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව අදාළ සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ. කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now