දඩ මුදල් සංශෝධනයට කැබිනට් අනුමැතිය.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Dec 06, 2023 08:24 AM GMT
Report

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

දඩ මුදල් සංශෝධනයට කැබිනට් අනුමැතිය. | Cabinet Approves Amendment Of Fines

ඒ, 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ඒ, අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී ඇති අතර මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.