ලිට්රෝ ගෑස් ගැන CAA පරීක්ෂණයෙන් හෙළි වූ දේ..
ලිට්රෝ ගෑස් සමාගම විසින් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ගෘහාශ්‍රිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය මාර්තු මාසයේදී ගෑස් පෝලිම් ඉහළ යාමත් සමඟ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී මෙම තොරතුරු අනාවරණ වූ බවයි.
මසකට කිලෝ ග්‍රෑම් 12.5ක ධාරිතාවයකින් යුත් ගෑස් සිලින්ඩර මිලියන 22ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබුණද ලිට්රෝ ගෑස් සමාගම පසුගිය මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියනයක් පමණක් නිෂ්පාදනය කර බෙදාහැර ඇති බව අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පසුගිය මාසය තුළ ප්‍රකාශ කළේ ලිට්රෝ ගෑස් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මාසික අවශ්‍යතාවයට වඩා මිලියන 1.2 ක් අඩුවෙන් වෙළඳපොළට නිකුත් කර ඇති බවයි. දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000ක් නිෂ්පාදනය කරන බවට ලිට්රෝ සමාගම ප්‍රකාශ කළද ඇතැම් දිනවල නිෂ්පාදනය කර ඇත්තේ ලබාදුන් ප්‍රමාණයට වඩා අඩුවෙන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ලිට්රෝ ගෑස් සමාගම කළ විමසීමකදී කියා සිටියේ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය සීමා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. මේ අතර, වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක වත්තල කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5කට අත්හිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමෙන් මේ පිළිබඳව විමසා ඇති අතර, ගෑස් ආනයනය සීමා කිරීම හේතුවෙන් අදාළ පර්යන්තය තාවකාලිකව වසා දමා ඇති බව දන්වා ඇත. කෙසේ වෙතත්, වාර්ෂික අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් කෙරවලපිටිය පර්යන්තය ඊයේ (13) සිට දින පහක කාලයක් වසා දමා ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |