පොලිස්පති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් වහාම තීරණයක් ගනී..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 13, 2023 04:46 PM GMT
Report

අද (13) පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ සති තුනකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ය.

පොලිස්පති ධූරයේ කටයුතු කරන සී. ඩී. වික්‍රරමරත්න මහතාට ලබා දී තිබූ දෙවන සේවා දිගුව පසුගිය 09 දා අවසන් විය.

2020 නොවැම්බර් මස එම ධුරය භාරගත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත්, පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දෙනු ලැබීය.

එම සේවා දිගුව තවත් මාස 3ක කාලයක් සඳහා පසුගිය ජූනි මස 9 වනදා යළි දීර්ඝ කරනු ලැබුවේ.