හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සේවා දිගුවක්

By Sewvandhi Jul 09, 2023 12:35 PM GMT
Report

 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර අද දිනයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.